කම්කරු නීති සංශෝධනය කෙරේ

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවන්ට බලපාන කම්කරු නීති ලබන වසරේදී සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා සංචාරක හෝටල් පුහුණු කළමනාකරණ ආයතනයේ 41වැනි වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් 2019 වසරේ ඩිප්ලෝමා ප්‍රදානය සිදු කිරීමට නොහැකි වූ හෙයින් මෙවර 2019 සහ 2020 යන වර්ෂ දෙකේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඩිප්ලෝමා ප්‍රදානය සිදු කෙරුණි.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේ කම්කරු නීති සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය සමගද සාකච්ඡා කර ඊට අවශ්‍ය පියවර ගන්නා බවයි.