දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇගවීම්

A home sits on the edge of a cliff January 13, 2017 in the Hollywood Hills after it's concrete patio was washed away in a mudslide caused by heavy rains in Hollywood, California. California has been experiencing days of heavy rain which has helped alleviate the six-year drought but has also caused flooding and mudslides. / AFP / Robyn BECK (Photo credit should read ROBYN BECK/AFP/Getty Images)

ඊයේ පස්වරුවේ සහ රාත්‍රියේ දිවයිනට බලපෑ අහයපත් කාල ගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 5 සඳහා නායයෑම් අවධානම් නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර සහ බුලත්සිංහල, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට, කෑගල්ල සහ යටියන්තොට, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, රත්නපුර, කිරිඇල්ල, කුරුවිට, ඇලපාත සහ ඇහැළියගොඩ යන ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශවලට මෙම නායයෑම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබේ.