නිව් ඩයමන්ඩ් නෞකාව ශ්‍රී ලංකාවෙන් ඈතට යයි

පවතින අහපත් කාල ගුණය මධ්‍යයේ පසුගියදා නැවතත් වර්ධනව වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න මේ වන විට සම්පූරණයෙන්ම පාලනය කර ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව කියා සිටී. ඒ අනුව මේ වනවිට නෞකාවෙන් ගිනිදැල් පිටවීම හෝ දුම් පිටවීමක් සිදු නොවන බව ඔවුන් එහිදී වැඩිදුරටත් දන්වා සිටී.
මේ අතර අදාළ නෞකාව සංගමන්කන්දේ සිට නාවික සැතපුම් 37ක් දක්වා ගැඹුරු මුහුදට ඇදගෙන ගොස් ඇති අතර සීට අමතරව නෞකාව වටා කිලෝමීටරයක් පමණ දුරට මුහුදේ විසිරී තිබූ ඩීසල් පැල්ලම් තිබූ ස්ථාන වලට රසායනික ද්‍රව්‍ය යෙදීමද මේ වද්දී සිදු කෙරන බව වාර්තා වේ.