ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 9 පසු කරයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වන විට දොකෝටි හැත්තෑ හත් ලක්ෂ විසි එක්දහස් හත්සිය විස් එකක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව එහිදී කොරෝනා මරණ නව ලක්ෂ අටසිය හැත්තෑ හතරක් වාර්තා වී තිබේ.
මේ අතර ඊයේ මෙරටින් හඳුනා ගත් නව ආසාදිතයින් 17 දෙනාත් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 3140 දක්වා ඉහළ ගොස් තිබේ. අසාදිතයින් 2935ක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව තවත රෝගීන් 193 දෙනකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටී.