මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගන්නැයි
පොහොර නිෂ්පාදන හා සැපයුම්ල රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (08 වැනිදා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
රජය, ඉදිරි මහ කන්නයේදී මෙරට කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක් අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. ඒ අනුව අත්හැර දමා තිබූ ඉඩම් ඇතුළුව විශාල භූමි ප්‍රදේශයක දශක ගණනාවකට පසු, වී ඇතුළු බෝග රැසක් වගා කිරීමට ගොවීහු මහත් උනන්දුවෙන් සුදානම්ව සිටින බවත් මේ වසරේ ආනයනය කළ පොහොර සඳහා නිසි පරිදි ගෙවීම් කර තිබෙන බවත් එහි සඳහන් වේ. එමෙන්ම, වතුවලට හා ගොවියාට අවශ්‍ය පොහොර නියමිත ප්‍රමාණයටල කලට වේලාවට සහ ඉහළ ප්‍රමිතියකින් සපයා දිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදනයේ දැක්වේ.