Thursday, December 5, 2024
Home Headlines Coronavirus රට වහන්නැයි ආණ්ඩුවේ පක්ෂ 10ක නායකයෝ ඉල්ලති

රට වහන්නැයි ආණ්ඩුවේ පක්ෂ 10ක නායකයෝ ඉල්ලති

කොවිඩ්-19 වසංගතය මේ වනවිට සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් එය පාලනය සඳහා රටට අගුලු දමන්නැයි  ආණ්ඩුවේ පක්ෂ නායකයන් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්  ලිපියක් මඟින්  ඉල්ලීමක් කර ඇත.

මේ අතර කොරෝනා රෝග සංඛ්‍යා ලේඛන දත්ත හිතාමාතා විකෘති කරන නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා  පියවර ගන්නැයි ද එම පක්ෂ නායකයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

අතුරලියේ රතන හිමි ( අපේ ජනබල පක්ෂය) ,  වාසුදේව නානයක්කාර ( ප්‍රජාතන්ත්‍රවාදී  වාමාංශික පෙරමුණ),තිස්ස විතාරණ (ලංකා සමසමාජ පක්ෂය),විමල් වීරවංශ(ජාතික නිදහස් පෙරමුණ), උදයගම්මන්පිල(පිවිතුරු හෙළ උරුමය,ඒ එල් එම් අතාවුල්ලා ( ජාතික කොංග්‍රසය) ,ටිරාන් අලස් ( එක්සත් මහජන පක්ෂය) ජී වීරසිංහ( ශ්‍රී ලංකාවේ කොමියුනිටිස් පක්ෂය), අසංක නවරත්න( ශ්‍රී ලංකා මහජන පක්ෂය) ,ගෙවිදු කුමාරතුංග ( යුතුකම ජාතික සංවිධානය)   මේ සඳහා අත්සන් තැබුවෝ වෙති.