ගෙල කපා තරුණිය මැරූ පොලිස් එස්අයිගේ ලිපිය..

ගෙල කපා තරුණිය මැරූ පොලිස් එස්අයිගේ ලිපිය..
බුත්තල පොලිසියේ උප පොලිස් පරික්‍ෂකවරයා විසින් තිස් හැවිරිදි වියේ පසුවූ තම පෙම්වතිය ඝාතනය කර ඇත්තේ තමන් විවාහ කර ගන්නා ලෙස ඇය කළ ඉල්ලීම නිසා ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් පසුව බව පොලිසිය කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත. ලීනියාකුමාර දුලනිගේ දිලිණි යසෝධා ජයසූරිය මැණිකේ නැමැති 30 හැවිරිදි තරුණිය ඝාතනය කර ගෙල කපා වෙන් කර ඇගේ සිරුර ගමන් බෑගයක බහා වේල්ලවීදිය ප‍්‍රදේශයට ගෙනැවිත් දැමූ සැකකාර උප පොලිස් පරික්‍ෂකවරයා වස පානය කර ගෙලවැලලාගෙන සියදිවි හානි කරගෙන තිබූ අතර ඔහුගේ සිරුර බඩල්ගම ප‍්‍රදේශයේ කැලෑවක තිබී පොලිසිය ඊයේ (03 වැනිදා) උදෑසන සොයා ගන්නා ලදී.
මෙම ඝාතනය සිදු කළ බව කියන 52 හැවිරිදි අධිකාරි මුදියන්සේලාගේ පේ‍්‍රමසිරි නැමැත්තා සියදිවි හානිකර ගැනීමට පෙර සිය නීත්‍යනුකූල බිරිඳ වෙත ලියූ ලිපියක් පොලිසිය විසින් සොයාගෙන තිබූ අතර එහි වැදගත් තොරතුරු රැසක් තිබී ඇත.

සැකකාර උප පොලිස් පරික්‍ෂක පේ‍්‍රමසිරි විසින් ලියූ ලිපියේ මෙසේ සඳහන් වී තිබේ.

අම්මාට (බිරිඳ)

මට සමාවෙන්නග මගේ ජීවිතේ පණ මගේ පවුලග මොන විදිහෙ වැඩ කළත් මම එක දුන්නේ පවුලටග එය එසේ වෙද්දි එස්අයි අංකල් එස්අයි අංකල් කිය කියා මගේ මිතුරෙකුගේ දියණියක් මට ළං වුණා. එයා දැන ගත්තා මං මගේ ළමයින්ට කොච්චර ආදරේද කියලා.
මුලදි ලොකුවට නොවුනට පසුව ඒ ළමයාටත් මගේ දරුවකුට වගේම සලකන්න කීවා. ඒක එහෙම කරන්න මට බෑ. කියපු හැම දේම කරපු ඉල්ලපු හැම දේම දුන්නා. පසුව ඔයාටයි ළමයින්ටයි එක්ක බණින්න ගත්තා. මට එපා වුණා. නවත්තමු මේ සම්බන්ධය කීවා. එහෙම බෑ කියලා නොයෙක්දේ කළා. ඒක ඔයා දන්නවා.
ඔයාගේ තරහා කේන්තිය ගෑනියක් හැටියට සාධාරණයි. ඒත් දැන් මං නීතියෙන් වරදකාරයෙක් වෙලා.
කවුරුත් නොදන්නා තැනකට ගිහින් මේ දේ කරගන්න තිබ්බා. එහෙම උනොත් මාව සොයාගන්නකන් ඔයාලට පොලිසිය වධ දෙයි. ඒ නිසා මම පොලිසියට පේන්න කර ගන්නවා එතකොට ඔයාලට වධ දෙන්නේ නැහැ.
අවනම්බුවක් වෙයි ඉවසලා වැඩ කරන්න. මම දන්නවා ඔයා ශක්තිවන්ත ගැහැනියක් කියලා. මම දන්නේ නැහැ ලෝකෙ ගැන නොදන්නවා නෙවෙයි මම මේවට පැටලූණේ. ඒත් දැන් ඉතිරිවෙලා නැහැ කිසි දෙයක්. ඔයා විඳපු වේදනා මම ජීවිතෙන්ම විඳිනවා. ඒක මගේ වරද. මම නැති වුණාට ඔයාල බලා ගන්න කෙනෙක් ඇති. අවුරුදු ගානක් හිරබත් කරන්න වෙයි මට. ප්ලෑන් කරලා කරපු දෙයක් නොවෙයි.
ඇත්තෙන්ම එහෙම නොවෙන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. මගේ ළමයි තුන්දෙනා එක්ක සතුටින් ඉන්න. ටික කලක් යනකොට දුක ඇරිලා යැයි. ලෝකෙ ඇති වෙනවා, පවතිනවා. නැති වෙනවා, ඒක ලෝක ධර්මය. දැනටමත් මාව සීඅයිඩී එකෙන් හොයනවා. පොලිසියෙන් ආවොත් ඇත්ත තත්ත්වය කියන්න. කාලයක් තිස්සේ උනදේ ආදරේ කිය කිය ඉඳලා වෛර කළා. මට සමාවෙන්න තෙරුවන් සරණයි. මං දුර ගමනක් යනවා. බුදු සරණයි. කතරගම දෙවියන්ගේ පිහිටයි. මොන තරම් නින්දා අපහාස ආවත් මහමෙර වගේ උහුලගෙන දරුවෝ එක්ක ඉන්න.
මේක කාටවත් පෙන්වන්න එපා. අම්මගෙ තුන්මාසෙ දානෙ කරන්න. මට එන්න බැරි වෙයි.
මීට පේ‍්‍රම්

සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා සිය දිවි හානිකර ගැනීමට පෙර ලියූ මෙම ලිපිය සිය බිරිඳ වෙත ලැබෙන්න සලස්වා තිබියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත.