ශ්‍රී ලංකාව පළමු විස්සයි විස්ස තරගය පරදී – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පළමු තරගයේදී කඩුලු 4ක් පාරාජයක් අත් විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 131ක් වාර්තා කළයේ. නිරෝෂන් දික්වැල්ල ලකුණු 33, පැතුම් නිස්සංක ලකුණු 39ක් සහ වනිදු හසරංග ලකුණු 12ක් වාර්තා කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සත්කාරක කොදෙව් කණ්ඩායම පන්දුවාර 13.1කදී කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසුකර යෑමට සමත් විය. අකිල් ධනංජය කොදෙව් ඉනිමේ එවින් ලෙවිස්, ක්‍රිස් ගේල් සහ නිකලස් පූර්න් පිටි පිට දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් විය. කිරන් පොලාඩ් අකිලට එරෙහිව පිට පිටම හයේ පහර හයක් එල්ල කිරීමට සමත් විය.