එල්.පී.එල්. ඔටුන්න යාපනය රාජධානියේම රඳවා ගනී

දෙවැනි වරටත් පැවැති ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) ක්‍රිකට් තරගාවලියේ කිරුළ තවදුරටත් තමන් සතුව
තබා ගන්නට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වූයේ ඊයේ (23දා) පැවැති අවසන් මහ තරගයේදී ගෝල්
ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කිරීමට ඔවුනු සමත් වූ නිසාය.
කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් මෙවරත් පැවැති 2වැනි එල්පීඑල්. තරගාවලියේ අවසන් මහ තරගය
ඊයේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැති අතර කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා කිංග්ස්
කණ්ඩායමේ නායක තිසර පෙරේරා ගත් තීරණය ගෝල් ග්ලැඩියේටර්ස් පිල ඉදිරියේ මින් පෙර තෙවරක්ම
ලද පරාජයන්ගේ මතකය මකා දමන්නට සමත් විය.
ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් නියමිත පන්දුවාර 20 අවාසනයේ කඩුලු 3ක් දැවි රැස්කළ 201 ක් වැනි
ලකුණු සංඛ්‍යාවද ජැෆ්නා පිලේ පන්දු යවන්නන්ට සහ පන්දු රකින්නන්ට ඉමහත් මානසික ශක්තියක් විය.

ජැෆ්නා කිංග්ස් ඉනිමේ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 63ක් සහ ටොම් කෝලර්-කැඩ්මෝර් නොදැවී ලකුණු 57ක්
රැස් කරමින් කැපී පෙනුන අතර ගෝල් කණ්ඩායමේ දියාරු පන්දු රැකීමද ජැෆ්නා පිලට පහසුකම්
සැළැස්වීමක් බඳු විය.
පන්දු යැවිමේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් අමීර්, නුවන් තුෂාර සහ සමිත්
පටෙල් එක් කඩුල්ල බැගින් දවාගත්තේය.
ලකුණු 202ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත
පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 178ක් පමණි.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 18කින් ලකුණු
54ක් රැස්කරමික් කුසල් මෙණ්ඩිස් සමඟ පළමු පන්දුවාර 6 තුළ ලකුණු 81ක් රැස්කළද කුසල් මෙන්ඩිස්
(ලකුණු 39) හැර ගෝල් පිලේ කිසිදු පිතිකරුවෙකුට එම රිද්මය ඉදිරියට ගෙනයන්නට හසරංග සහ චතුරංග
සොහොයුරෝ ප්‍රමුඛ ජැෆ්නා පන්දුයවන්නෝ ඉඩ නොදුන්හ.
පන්දු යැවිමේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා කඩුලු 2ක
බැගින් බිඳහෙළීය.