ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගතවීමට අපි සුදානම්- දයාසිරි, අපි නම් ඔය වගේ පක්ෂ සමඟ සන්ධානගත වෙන්නෙ නැහැ- අනුර

ප්‍රධාන දේශපාලන පක්ෂ යැයි මෙරට තුළ සැළැකෙන පක්ෂ දෙක සමඟ සෘජුව හෝ වක්‍රව කිසිදු
සන්ධානගතවීමක් සිදු නොකරන බව ජාතික ජනබලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර
කුමාර දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජනතා විමුක්ති පෙරමුණ
සමග සන්ධානගතවීමට සුදානම් බවට ඊයේ සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් දිසානායක මහතා මේ
බව සඳහන් කර ඇත.
රට ගොඩ ගැනීමට අවංකභාවයෙන් කටයුතු කරන පිරිස් සමඟ පමණක් ජාතික ජන බලවේගය සන්ධානගත
වන්නේ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසා තිබුණේ ජනතා විමුක්ති
පෙරමුණ වැනි දූෂණයෙන් තොර පක්ෂයක් සමග තම පක්ෂයට එක්ව කටයුතු කළ හැකි බවයි.
ඒ අනුව සන්ධානගතව වැඩකිරීමට අවශ්‍යනම් ඒ සඳහා හැකියාව ඇති බවද දයාසිරි ජයසේකර වැඩිදුරටත්
සඳහන් කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකරගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාද පවසන්නේ දේශපාලන පක්ෂ සමග
සන්ධානගත වීමකට සූදානමක් නැතැයි බවයි.