ලබන අවුරුද්දෙ ආහාර හිඟයක්ලු එහෙම වෙන්නෙ නැහැයිලු – මහින්දලා කඹ ඇදිල්ලක

ඉදිරි කාලයේදී මෙරට තුළ ආහාර හිඟයකට මුහුණදීමට සිදුවන බවත් ඊට හේතුව පොහොර නොමැතිව
වගාවන්ට සිදුවූ හානිය බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වන තොරතුරුද පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී තමන් විසින්
ජනාධිපතිවරයා වෙත ලබා දෙන ලද බවද පරිසර අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
අනිවාර්යයෙන්ම ලබන වසරේ ආහාර හිඟයකට මුහුණදීමට සිදුවන බවත් විශේෂඥයින්ද මේ
සම්බන්ධයෙන් මත ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළ මහින්ද අමරවීර ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ
මෙම තත්ත්වයට මුහුණදීම සඳහා වගා සංග්‍රාමයක් ආරම්භ කර සියලු දෙනා ඒ සඳහා පෙළගැස්විය යුතු
බවයි.
මේ අතර රට තුළ කිසිඳු ආහාර හිඟයක් ලබන වසරේ ඇති නොවන බවට තමා සහතික වන බව කෘෂිකර්ම
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
මෙරටෙහි සෑම දිස්ත්‍රික්කයකම කුඹුරු ඉඩම් වලින් සියයට 95ත් 98 ත් අතර ප්‍රමාණයක් මේ වන විටත්
වගාකර ඇති බවත් යම් ප්‍රමාණයක අඩුවක් සිදු වුවත් ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති
නොවන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.