ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් මහේලට උපදේශක තනතුරු දෙකක්.

 

විස්සයි 20 ලෝක කුසලානයේ පළමු වටය සඳහා වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශකවරයෙකු
ලෙස හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පත් කර තිබේ.
දැනට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ජයවර්ධන දැනට
පැවැත්වෙන තරඟාවලිය අවසන් වූ වහාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට
එක්වනු ඇත. ඔක්තෝබර් 16-23 දක්වා සුදුසුකම් ලැබීමේ අදියරේදී නැමීබියාව, අයර්ලන්තය සහ
නෙදර්ලන්තය සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින දින හතක කාල සීමාව තුළදී ඔහු තම අත්දැකීම්
හුවමාරු කර ගනිමින් ක්‍රීඩකයින්ට සහ කළමනාකරණ කණ්ඩායමට මිල කළ නොහැකි උපාය මාර්ගික
සහයෝගය ලබා දෙනු ඇත.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

අයිසීසී පිරිමි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී ශ්‍රී ලංකා ජාතික
කණ්ඩායමේ ‘උපදේශකයෙකු’ ලෙස හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන මහතා පත් කිරීමට ශ්‍රී
ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බව මෙයින් දැනුම් දෙමි.
දැනට මුම්බායි ඉන්දියන්ස් හි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ජයවර්ධන, දැනට පැවැත්වෙන
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය අවසන් වූ වහාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී (ජෛව බුබුලේ සිට
ජෛව බුබුල දක්වා) ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වනු ඇත.
ඔක්තෝබර් 16 සිට 23 දක්වා දින 7 ක කාලයක් තුළ කණ්ඩායම් සඳහා සුදුසුකම් ලබා ගැනීමේ
තරගාවලියේදී ඔහු තම අත්දැකීම් හුවමාරු කර ගන්නා අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සහ කළමනාකරණ
කණ්ඩායමට මිල කළ නොහැකි උපාය මාර්ගික සහයෝගයක් ලබා දෙනු ඇත.
ලබන වසරේ බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය
සඳහා සූදානම් වන විට 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු වීමේ ආරාධනය ද
ජයවර්ධන පිළිගෙන තිබේ.
19න් පහළ කණ්ඩායම සමඟ ඔහුගේ මාස 5 ක භූමිකාව ‘ගෞරවනීය’ මට්ටමකින් සිදු කෙරේ.
‘‘ මහේලගේ නව තනතුරු වලට ඔහුට කළ යෝජනා සාදරයෙන් පිළිගැනීම ගැන අපි ඉතාමත් සතුටු
වෙමු, ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සහ 19 න් පහළ කණ්ඩායම සමඟ සිටීම ක්‍රීඩකයින්ට විශාල උපකාරයක්
වනු ඇති “ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
මහේල ක්‍රීඩා කළ සමයේ සිටම පළමුව ක්‍රීඩකයෙකු වශයෙන්, පසුව නායකයෙකු වශයෙන්, දැන් විවිධ
විදෙස් කණ්ඩායම් සඳහා පුහුණුකරුවෙකු වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ගෙන ආ අතිවිශාල ක්‍රිකට් දැනුමට
ගෞරව කරන බවද සිල්වා මහතා තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුව විසින් කරන ලද නිර්දේශයන්ට අනුකූලව ශ්‍රී ලංකා ක්‍රිකට්
විධායක කමිටුව විසින් මහේල ජයවර්ධන මෙම තනතුරු දෙක සඳහා පත් කරන ලදී.