සම්පත ලග්න වාසනා ජයග‍්‍රාහකයන්ට අයිඩියල් මෝටර් රථ

ජාතික ලොතරැයි මණ්ඩලය මගින් අලෙවි කරනු ලබන සම්පත ලග්න වාසනා ලොතරැයියේ සුපිරි ත්‍යාගයට
අමතරව ලබාදෙන මෝටර් රථ, ජයග‍්‍රාහකයන් වෙත ලබාදීම ස`දහා අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින්
එම රථ ජාතික ලොතරැයි මණ්ඩලය වෙත පසුගියදා බාරදෙනු ලැබීය.
ඒ අනුව සම්පත ලග්න වාසනා ලොතරැුයියේ මුල් අදියරේ ජයග‍්‍රාහකයන් වෙත ලබාදීමට නියමිත රුපියල් ලක්‍ෂ
35ක් පමණ වටිනා Mahindra KUV100 NXT 100 භඞඔ මෝටර් රථ ජාතික ලොතරැුයි මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලයේදී
එහි සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා වෙත අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ නියෝජ්‍ය
සාමාන්‍යාධිකාරි මාලක වේහැල්ල මහතා විසින් නිල වශයෙන් බාරදෙන ලදී.
ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා සමාගමේ පූර්ණ දායකත්වයෙන් අයිඩියල් ව්‍යාපාර සමූහය එක්ව ආරම්භ
කරන ලද මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම 2019 වර්ෂයේදී කළුතර දිස්ත‍්‍රික්කයේ වැලිපැන්න ප‍්‍රදේශය කේන්ද්‍ර කර
ගනිමින් Mahindra KUV100 NXT100 භඞඔ මෝටර් රථය දේශීය කොටස්ද එකතු කරමින් මෙරට මෝටර් රථ එකලස්
කිරීම ආරම්භ කරන ලදී
මේ වන විට Mahindra KUV100 NXT 100 භඞඔ මෝටර් රථය මෙරට පාරිභෝගිකයන් අතර ඉමහත් ජනප‍්‍රියත්වයට
පත්වෙමින් පවතින අතර ඉදිරියේදී මෙම කර්මාන්තශාලව මගින් දේශීය කොටස් එකතු කරමින් මහින්ද්‍රා ට‍්‍රක් රථද
මෙරටදී එකලස් කිරීමටද කටයුතු යොදා ඇත.
ජාතික වකුගඩු අරමුදල මූලික කර ගිනිමින් ජාතික ලොතරැුයි මණ්ඩලය විසින් ආරම්භ කර ඇති සම්පත ලග්න
වාසනා ලොතරැුයිය මාසිකව දිනුම් අදිනු ලබයි. රුපියල් කෝටියක සුපිරි ත්‍යාගයක්, සුපිරි මෝටර් රථයක්,
රුපියල් විසිලක්‍ෂයේ තෑගි, රුපියල් පන් ලක්‍ෂයේ තෑගි හා රුපියල් ලක්‍ෂයේ තෑගි මෙම ලොතරැුයිපත මගින්
ජයග‍්‍රාහකයන් වෙත පිරිනමනු ලබයි.