පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූන්ට ගෙවීමට මෛත්‍රීට දුන් ඩොලර් මිලියන 05 අතුරුදහන්….

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයකින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 05ක මුදල මේ දක්වා අදාළ වින්දිතයන් වෙත ලබා දී නැතැයි අනාවරණ වී තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොය බලන ජනපති කොමිසම ඉදිරියේ ඊයේ (25 වැනිදා) අගරදගුරු පදවියේ සමාජ සුබසාධන ආයතනයක් වන සෙත්සරණ ආයතනයේ අධ්‍යක්ෂ fදාන් නිශාන්ත ලෝරන්ස් රාමනායක පියතුමන් ලබා දුන් සාක්ෂි මගින් මෙම අදාළ කරුණ අනාවරණය කර ගෙන තිබේ.