මුඛ ආවරණ නොපලදින අයට එරෙහිව නීතිමය පියවර ගන්නවා – නියෝජ්‍ය පොලිස්පති

කොරෝනා වයිරස් වසංගත  තත්ත්වය ශ්‍රී ලංකාවෙන් තුරන් වන තෙක් රජයෙන්ලබා දී ඇති  සෞඛ්‍යය ආරක්ෂිත උපදෙස් ජනතාව නිසියාකාරව පිලිපැදිය යුතු බව නියෝ ය  පොලිස්පති අජිත් රෝහන මහතා කියා සිටී. ඒ අනුව මුඛ ආවරණ පැළඳීම කෙරෙහි  හැම දෙනෙක් ම අවධානය යොමු කළ යුතු බවත් සෞඛ්‍යාරක්ෂිත නිති කඩ කරන අය කෙරෙහි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටී.