මෛත්‍රීගේ පෞද්ගලික ලේකම්වරයාත් පාස්කු කොමිසමට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහයක රදගුරු තුමන්ලා තිදෙනාට පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබේ. ඒ අනුවල ඔවුන්ට අද (23 වැනිදා) පස්වරු 2 ජනපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ මතභේදයට තුඩුදුන් මාධ්‍ය නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඔවුන්ට මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.