සමගි ජන බලවේගය පක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක්

20 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 20 වන සංශෝධන පනත් කෙටුම්පත ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින්ය. ඒ අනුව සමගි ජන බලවේගය පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.