සංජු සැම්සන් රාජස්ථාන් රෝයල්ස්ට ජය ගෙනෙයි

සංජු සැම්සන්ගේ සහ ස්ටීවන් ස්මිත්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් පිල පරදවා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් පිල ඊයේ (22 වැනිදා) සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයලස් පිල පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 216ක් ලබා ගත්තේය. සංජු සැම්සන් පන්දු 32කදී හයේ පහර 9ක් සහ හතරේ පහර 1ක් සමගින් ලකුණු 74, ස්ටීවන් ස්මිත් පන්දු 47කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 69ක් සහ ජෙප්රා ආචර් පන්දු 8කදී හයේ පහර 4ක් සමගින් ලකුණු 27ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20දී ලබා ගැනීමට හැකිවූයේ කඩුලු 6ක් දැවී ලකුණු 200ක් පමණි. ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 37කදී හයේ පහර 7ක් සහ එක් හතරේ පහරක් සමගින් ලකුණු 72ක්, මහේන්ද්‍ර සිං දෝනි පන්දු 17කදී හයේ පහර 3ක් සමගින් ලකුණු 29ක් ලබා ගත්තේය.