මිනුවන්ගොඩ කොරෝනා පොකුර තවත් ඉහළ යයි

Coronavirus cells in an electron microscope. 3D illustration

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ආසාදිත පොකුරෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1186 ක් දකවා ඉහළ ගොස් තිබේ.
කර්මාන්ත ශාලාවේ කොරෝනා වෛරසය ආසාදනය වූ සේවකයින්ගේ ආශ‍්‍රිතයින් 101 දෙනෙකුට සහ තවත් සේවකයින් දෙදෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වූ අතර
ඒ අනුව එම පොකුරෙන් ඊයේ වාර්තා වූ මෙම ආසාදිතයින් 103 දෙනා සමග එම පොකුරෙන් වාරතා වූ සමස්ථ ආසාදිතයින් ගණන මෙසේ ඉහළ ගොස් තිබේ.
මේ අතරල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණි දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන අතර ඔවුන් දෙදෙනා පසුගිය 04 වැනිදා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළ`දසැල් 80 කට පමණ ගොස් එළවළු මිලදී ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. එම තත්ත්වයත් මත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විෂබීජහරණය කිරීමට පියවර ගැනුණ අතර අද දිනයේ එම ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු ලෙස පී සී ආර් පරීක්ෂණ 100 ක් සිදු කිරීමට ද කටයුතු යොදා තිබිණි.
තවද කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන අතර සමාජ විද්‍යා පීඨයේ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ අධ්‍යාපනය හදාරන සිසුවියකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කැලණිය විශ්ව විද්‍යාලයේ මාධ්‍ය අංශය සඳහන් කර සිටී.