උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

සේවා අවශ්‍යතාවය මත උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු, පොලිස් අධිකාරීවරයෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට ස්ථාන මාරු ලබා -දී ඇති බව වාර්තාවේ.
නව ස්ථාන මාරු මත නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස්පති නීති, විනය හා කල්ක්‍රියා දිසාවට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබේ. ඊට අමතරව ගාල්ල දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති කේ.එන්.ජේ. වෙදසිංහ මහතා බස්නාහිර පළාත් උතුරු දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති අතර පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාශයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කළ ජාලිය සේනාරත්න මහතා කන්කසන්තුරය කොට්ඨාශය වෙත ස්ථාන මාරුවක් ලබා දී තිබේ. ඒ අනුව ඒ මහතාට උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස අදාල ස්ථාන මාරුවීම ලබාදී තිබේ.