මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1053 දක්වා නගී

අද (09 වැනිදා) වන විට මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුරෙන් හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 1053ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව නව ආසාදිතයින් 29 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැණුනි. එහිදී මිනුවන්ගොඩ සහ දිවුලපිටියේ කොවිඩි පොකුර ආශ්‍රිතව ආසාදිතයින් 18 දෙනකු හඳුනාගෙන ඇති අතර ඉතිරි ආසාදිතයින් විදෙස්ගතව සිට පැමිණි අය වේ.