කෝවිඩ් නිසා මියන්මාරයේ නායිකාව සිව් වසරක් සිපිරිගෙට

මියන්මාරයේ රාජ්‍යයේ නායිකාව වු අවුන් සාන් සුකී සිව් වසරකට බන්ධනාගාර ගත කිරීමට එරට රජය තීරණය කළේය. එයට හේතුව වන්නේ කෝවිඩ් නීති රීති උල්ළංගණය කරමින් පැවැත්වූ මහජන විරෝධතාවන් වේ. ඇයට මීට පෙර සිටද විවිධ නඩු විභාග කිහිපයක් පැවැත්වෙමින් තිබීම විශේෂත්වයකි.
මියන්මාර ජාතියේ පියා වන අවුන් සාන්ගේ බාල දියණිය වන සාන් සුකී දේශපානඤයෙක් මෙන්ම කතුවරියක් වශයෙන් ප්‍රසිද්ධියට පත් අතර ඇය 1991 නොබෙල් ත්‍යාග ලාභිනියක්ද වූවාය.
සුකීගේ දේශපාලන දිවියේ විවිධ චෝදනා තිබූ අතර වරෙක ඇය ජයග්‍රහණය කළද එම ජයග්‍රහණ කුමන්ත්‍රණයකින් ලබාගත් ඒවායැයි සනාථ වීමෙන් පසුව ඇය අත්අඩංගුවටද පත වූවාය. මේ වන විට 76 හැවිරිදි වියේ පසුවන අතර දරුවන් දෙදෙනකුද සිටී.