ක්‍රීඩා ඇමැතිගෙන් ජාතික ක්‍රීඩා සභාවක්

මෙරට ක්‍රීඩාව නගා සිටුවීම වෙනුවෙන් ජාතික ක්‍රීඩා සභාවක් පිහිටුවීම අද (20 වැනිදා) ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරණි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් ජාත්‍යන්තරයේ ඔසවා තැබීම වෙනුවෙන් පත්කරන ලද මෙම කමිටුවට එක් එක් ප්‍රධාන ක්‍රීඩාවන් හී දක්ෂතා දැක්වූ ජාත්‍යන්තර තරු මෙන්ම රටේ කීර්තිමත් දක්ෂ පරිපාලකයන්ද ඇතුළත්ව සාමාජිකයන් 14 දෙනකු ඇතුළත් වේ. ඒ අනුව පත්කරන ලද නව ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් මහේල ජයවර්ධනව නම් කර තිබේ. ඔහුගේ සභපතිත්වයෙන් යුත් කමිටු සමාජිකයන් වශයෙන් කුමාර් සංගක්කාර, ශවේන්ද්‍ර සිල්වා, රොවේනා සමරසිංහ, සංජීව වික්‍රමනායක, ජූලියන් බෝලිං, යශ්වන්ත් මුත්තෙට්ටුවගම, සුපුන් වීරසිංහ, කස්තුරි විල්සන්, රුවන් කෑරගල, රාජිත අම්පෙමොහොට්ටි, රොහාන් ප්‍රනාන්දු, ඩිලන්ත මාලගමුව සහ අමල් එදිරිසිංහ යන මහත්ම මහත්මීන් නම් කර තිබේ.
ක්‍රීඩා අමාත්‍යවරයාට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් මෙරට ක්‍රීඩාව ජාත්‍යන්තරයේ ඔසවා තැබීම නම් කරන ලද මෙම ජාතික ක්‍රීඩාවේ සභාවේ කර්තව්‍ය වේ.