පාකිස්තානය පැරදූ නවසීලන්තය උඩට එයි

පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 176කින් ජය ගැනීමට නවසීලන්තය ඊයේ (06 වැනිදා) සමත් විය. ඒ අනුව දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්තයට හැකියාව ලැබිණි.
ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ පැවැති අදාළ තරගාවලිය ජය ගැනීමට සමත්වීමත් සමග අන්තර් ජාතික ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසු වූ ඔස්ටේ්‍රලියාව පසු කරමින් එහි පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
දෙවැනි ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 297ක් වාර්තා කිරීමට සමත් විය. නවසීලන්ත දෙවැනි ඉනිමට කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 659ක් වාර්තා කරමින් පාකිස්තාන පළමු ඉනිමට වඩා 362ක වාසියක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව සිය දවැනි ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය ලකුණු 186කට සියලු දෙනා දැවී ගියේය.
පළමු තරගයේදී ශතකයක් සහ දෙවැනි තරගයේදී ද්විතව ශතකයක් වාර්තා කිරීමට සමත් වූ නවසීලන්ත නායක කේන් විලියම්සන් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.