මේ ගෑස් නැවෙත් බඩු බෑව නම් තවත් කොහොම පුපුරයිද ?

ලිට්‍රෝ ගෑස් රැගෙන මෙරටට ගෙන්වා ඇති ගෑස් නෞකාවෙන් එම ගෑස් තොගය ගොඩබෑමට අවසර
නොදෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියෝග කර තිබෙන බව වාර්තා වෙනවා. එම
නැවේ ලිට්‍රෝ ගෑස් තොගයෙන් ලබාගත් ගෑස් සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියමිත ප්‍රමිතියට අනුකූල
නොවන බව අනාවරණය වී තිබෙන බැවින් එම තීරණය ගෙන ඇති බව පැවැසෙනවා.

එම ගෑස් වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ ගෑස් කාන්දුවකදී කටුක ගන්ධයක් නිකුත් කිරීම
සඳහා එක් කෙරෙන එතිල් මර්කැප්ටන් නම් රසායනික ද්‍රව්‍යය අදාළ ගෑස් තොගයේ අඩංගුව ඇත්තේ පහත
මට්ටමක බවයි.

ලිට්‍රෝ ගෑස් තොගය ගොඩබෑමට අවසර නොදෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කර
තිබෙන නියෝගය හේතුවෙන් ගෑස් මෙට්ට්‍රික් ටොන් 3700 ප්‍රමාණයක් එසේ ගොඩබෑම නතර කර ඇතැයි
දැනගන්නට ඇත.