අප්‍රේල් මාසය දක්වා විදුලිය කැපීමක් නැහැ

පවතින විදුලිබල අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ පවසා සිටියේ ලබන අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම් සකස් කරමින් පවතින බවයි.
මෙගාවොට් 300 ක උත්පාදනයක් නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් ලැබුනද මහවැලි පළාත්වලින් ජලය අඩුවීමට හැකි බැවින් ඒ සඳහාද සැලසුම් සකස් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව තාප බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා තීන්දුවක් ගන්නා බවත්ය. මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාද පවසා ඇත්තේ නැවත දැනුම් දෙන තුරු විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි.