වේගපන්දු යවන තුෂාරට සහ අභ්‍යාසක ඩිල්ෂාන්ටත් කොඩිඩ්

ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිත විසිදෙනෙකු ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි වේගපන්දු යවන නුවන් තුෂාරට සහ කණ්ඩායමේ පුහුණුකරු (අභ්‍යාසක) ඩිල්ෂාන් ෆොන්සේකාටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත.මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයකින් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට යාමට පෙර දැනට ජීව ආරක්ෂිත බුබුලක රැඳී සිටින සංචිතයට සහ සහායක කාර්ය මණ්ඩලයටද සිදු කරන ලද සාමාන්‍ය PCR පරීක්ෂණ වලදී මෙම දෙදෙනාම ආසාදිතයින් බව සොයා ගන්නා ලදී.
ඔවුන් දෙදෙනාම දැනට කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සිටින අතර නිරෝධායන කාල සීමාව සම්පූර්ණ කිරීමෙන් පසු පෙබරවාරි 10 වන දින නැවත සංචිතයට එක්වනු ඇතැයි පැවැසේ.
ශ්‍රී ලංකා කණ්ඩායම 2022 පෙබරවාරි 3 වැනිදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.