ඔමික්ක්‍රෝ එන්නත් වලට යට නොවෙයි

ඔමික්‍රෝන් ප්‍රභේදය කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් ද පාලනය කළ නොහැකි තත්ත්වයක් බව පර්යේෂණවලින් හෙළි වී ඇතැයි ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි.

මෙය ඩෙල්ටා ප්‍ර භේදයටත් වඩා ඉතාමත් වේගයෙන් පැතිරෙනල විකෘති ප්‍රභේදයන් සහිත බැවින් වයස අවුරුදු 60 ට වැඩි සහ නිධන්ගත රෝගවලින් පෙළෙන්නන් වඩාත් ප්‍රවේසම් යුතු බව කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමට අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බැව් ප්‍රකාශ කළාය.

එම නිසා විදේශ රටවල සිට පැමිණෙන සෑම අයෙකුම පීසීආර් පරී්ක්ෂණයට ලක් කළ යුතු බවත් ජනතාව මැනවින් සෞඛ්‍යය උපදෙස් අනුගමනය කළ යුතු බවත් පවසයි. එමෙන්ම උත්සව සීමා කළ යුතු අතර පොදු ප්‍රවාහනය තුළ ද වගකීම් සහගත ලෙස ජනතාවට ගමන් කළ හැකි පසුබිමක් සකස් කළ යුතු බවත් සඳහන් කරයි.

වෛරසයෙන් උපරිම ලෙස ආරකෂා වීම සඳහා වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සහ අවදානම් සහගත රෝග තත්ත්වයන්වලින් පෙළෙන්නන් කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ තුන්වෙනි මාත්‍රාව අනිවාර්යයෙන් ගත යුතු බවත් ඒ තුළින් මරණයට පත් වීම හා අසාධ්‍ය තත්ත්වයට පත්වීම වළක්වා ගත හැකි බව ද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය වැඩිදුරටත් පවසයි.