දෛනික කොරෝනා ආසාදිතයන් 1000 පනී – ඉක්මනින් තුන්වැනි එන්නත ගන්නැයි සෞඛ්‍ය අංශ වලින් ඉල්ලිමක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරන පරිදි ඊයේ (30) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1056 ක් වනු ඇත.
මේ අතර සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටින්නේ මෙතෙක් එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින් වහාම එන්නත ලබා ගන්නා ලෙසයි. තවද යම් කෙනෙකු තවමත් තුන්වන එන්නත ලෙස බූස්ටර් එන්නතක් ලබා නොගත්තේ නම් ඉක්මනින්ම බූස්ටර් එන්නත ලබා ගැනීම මේ දිනවල වේගයෙන් ව්‍යාප්ත වන ඔමික්‍රොන් කොඩිඩ් ප්‍රෙභ්දය ආසාදනයෙන් වැළැකීමට නිසි මඟක් වන බවද පැවැසේ.
කිසියක් පුද්ගලයෙකු එන්නත් තුනම ලබාගෙන සිටිනම් ඔහු ඔමික්‍රොන් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වුවද ඔහුට කොවිඩ් වැලඳීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බවද සෞඛ්‍ය අංශ පවසයි.
මේ අතර යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ අද (31)දිනයේ සිට ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන යොදාගනිමින් බුස්ටර් එන්නත ලබාදීමේ කටයුතු ආරම්භ කරන බවයි.
තවද සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ කොවිඩ් බුස්ටර් එන්නතේ සුළු සංකුලතා ඇති වුවද එය බරපතළ තත්ත්වයක් නොවන බවය.