පළමු ශ්‍රේණියට ගන්න දරුවන්ගේ නම් එළියට දාන්න – අධ්‍යාපන ලේකම් විදුහල්පතීන්ට දන්වයි

2022 වසර සඳහා පළමු ශ්‍රේණියට ඇතුළත් කරගෙන සිටින සිසුන්ගේ නාමලේඛනය ප‍්‍රසිද්ධ කිරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටී.

සම්මුඛ පරීක්‍ෂණ පවත්වා තෝරාගත් දරුවන්ගේ නාමලේඛනය ප‍්‍රසිද්ධ නොකිරීම නිසා තම දරුවන් තේරී නොමැතිනම් අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවද ප‍්‍රමාද වන බවට දෙමාපියන් අධ්‍යාපන අමාත්‍යංශය දැනුවත් කර ඇත.

තමා මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී කොළඹ පාසල් කිහිපයක් තෝරාගත් දරුවන්ගේ නාම ලේඛනය ප‍්‍රසිද්ධ කර ඇතත් බොහෝ පාසල් එය සිදුකර නොමැති බවට වාර්තා වන බවද ලේකම්වරයා කීය. එම පාසල්ද ඉදිරි දිනවල නාමලේඛන ප‍්‍රසිද්ධ කිරීමට කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා