නුවන් දිනෙත් මතුගම ආනන්දයට විශිෂ්ට ජයක් ගෙනෙයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටසේ ක්‍රිකට් තරගයකදී සරලන්කාර විද්‍යාලයට එරෙහිව ලකුණු 144 ක දැවන්ත ජයක් ලැබීමට මතුගම ආනන්ද ශාස්ත්‍රාල කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුව පිති ප්‍රහාරය දියත් කළ මුතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසල පන්දුවාර පනහ අවසනදී කඩුලු නවයකට ලකුණු 301 ක් ලබා ගත්තේය. ඒ වෙනුවෙන් විශිෂ්ඨ පිති ප්‍රහාරයක් දියත් කළ නායක නුවන් දිනෙත් පන්දු 58 කදී ශතකයක් (109) වාර්තා කිරීමට සමත් විය. තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වු ඔහු පන්දු යැවීමෙන්ද ලකුණු 42 කට කඩුලු පහක් බිඳ දැමීය.
ලකුණු සාරාංශය
මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසල පන්දුවාර 50 කදී කඩුලු 9ට ලකුණු 301 යි. (නුවන් දිනෙත් 109, A. රංගන 45, ගයන්ත ලක්ෂාන් 27, අමිල මද්දුමගේ 24, සිතුම් කන්නන්ගර 21, නෙතුම් හිමසර 68/4, අවිශ්ක උදයංග 52/3, සවින්ද මෙනුවර 46/2.
සරලන්කාර විද්‍යාලය පන්දුවාර 325 කදී සියල්ල දැවී ලකුණු 157 යි. (දිලිප් කුමාර 47, වෙත්ම හිමසර 32, නුවන් දිනෙත් 42/5, අනුහස් රංගන 32/2 යි.)