ලොව වයස්ගතම පිරිමි ගෝරිල්ලා ඔසී සමුගනී

ලොව වයස්ගතම පිරිමි ගෝරිල්ලා වන ඔසී මිය ගිය බව ඇට්ලන්ටා සත්වෝද්‍යාන බලධාරීහු ඊයේ (අඟහරුවාදා) ප්‍රකාශ කළහ. මිය යන විට ඔසීගේ වයස අවුරුදු 61 ක් විය.
බටහිර පහතරට රිදීබැක් ඝනයේ ලා සැළැකෙන ඔසී, , අඟහරුවාදා උදෑසන මිය ගොස් ඇතැයි ඔහුගේ රැකවරණ කණ්ඩායම විසින් සොයා ගත් බව ඇට්ලැන්ටා සත්වෝද්‍යානය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මරණයට හේතුව මෙතෙක් නොදන්නා නමුත් පසුගිය පැය 24 තුළ ඔසීගේ මුහුණේ ඉදිමීම, දුර්වලතාවය සහ කෑමට හෝ බීමට නොහැකි වීම ආදී රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර කර ඇති බව සත්වෝද්‍යානය පවසයි.
ඇට්ලන්ටා සත්වෝද්‍යානයේ ගෝරිල්ලන් 13 දෙනාගෙන් කෙනෙකු වන ඔසීට පසුගිය වසරේදී කොවිඩ්-19 අසාධනය වී ප්‍රතිකාර ලැබිය . සම්පූර්ණයෙන් එන්නත් කර ආරක්ෂිත උපකරණ පැළඳ සිටි සත්වෝද්‍යාන සේවකයෙකුගෙන් ඔසීට කොවිඩ් වැළඳුන බවට විශ්වාසයක් ඇතැයි නිලධාරීන් එකළ ප්‍රකාශ කළහ. එහෙත් එකී සේවකයා රෝග ලක්ෂණ රහිත පුද්ගලයෙකු විය.
ජෝර්ජියා විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යාලය මගින් ඔසීගේ මළසිරුරට අදාළ පරීක්‍ෂණ අවසන් කළ පසු එහි ප්‍රතිඵල නිකුත් කරන බව සත්වෝද්‍යානය ප්‍රකාශ කළේය.