අගමැතිගේ තීරණයට පාකිස්තානයෙන් ප්‍රසාදය

කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබාදීමට ශ්‍රී ලංකාව ගත් තීරණය සම්බන්ධයෙන් පකිස්තානය ප්‍රතිචාර දක්වා තිබේ. කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කිරීමට අවසර ලබා දෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සතුටින් පිළිගන්නා බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා තිබේ.
මේ අතර පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන 22 වනදා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට ද නියමිතව තිබේ.