පෑලියගොඩ මාලු වෙළෙඳ සංකීර්ණය වසා දමයි

පෑලියගොඩ මාලු වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 46දෙනෙකු කොරෝනා වෛරස ආසාදනය වී තිබේ. ඒ අනුව පෑලියගොඩ මාලු වෙළෙඳසැල තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.
පසුගියදා සිදුකළ පෑලියගොඩ මාලු වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 105 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කළ අතර එහිදී මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබේ.