ආබාධිත දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම අනිද්දා

අවුරුදු 12ත් 19ත් අතර ආබාධ සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ළමයින් සඳහා ෆයිසර් එන්නත ලබාදීම අනිද්දා (24දා)  සිදු කිරීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව අවුරුදු 12ත් 19ත් අතර ආබාධ සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ළමයින් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට මේවනවිට සැලසුම් කර ඇතැයි ඖෂධ නිෂ්පාදන,සැපයුම් හා නියාමන  රාජ්‍ය අමාත්‍ය  මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මෙම එන්නත්කරණ වැඩසටහන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදු කිරීමට නියමිතය.