සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහන තවත් මාස 09කින් දීර්ඝ කරයි

මෙරට සංචාරක ක්ෂේත්‍රයට ලබා දී ඇති ණය පමා සහන කාලසීමාව තවත් මාස 09කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ඒ අනුව ලබන  30 වැනිදායින් කල් ඉකුත්වීමට නියමිතව තිබූ එම ණය සහන කාලසීමාව ලබන වසරේ ජුනි මාසය දක්වා ක්‍රියාත්මක වන බවද  මහබැංකුව පවසයි.

මීට අදාළ චක්‍රලේඛ මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත පසුගිය සතියේ යවා  ඇත.