පොලිස් රාජ්‍ය ඇමතිගේ වෛද්‍ය පුතු චමුදිතට දැමූ පෝස්ටුව ආන්දෝලනයට

පසුගියදා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල නිවසට අසූචි හා ගල් ප්‍රහාරයක් එල්ලවීමෙන් පසුව ඒ ගැන පොලිසිය මැදිහත්වී පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර රාජ්‍ය ඇමති සරත් විරසේකරගේ සහායද ඊට ලැබිණි.
මීට කලකට ඉහත කොරෝනා ඩෙල්ටාව බහුල කාලයේ නීති කඩමින් පියුමි හංසමාලි සාදයකට සහභාගී වීම නිසා අත්අඩංගුවට පත්ව බදුල්ල ‘ඩොටේ‘ ස්ථානයකට රඳවන්නට ගෙන යද්දී ඇයට යට ඇඳුම් ආයිත්තම් සපයන ලද්දේ රාජ්‍ය ඇමතිවරයා බවටත් ඒවා ප්‍රවාහනය කළේ රාජ්‍ය ඇමතිවරයාගේ වෛද්‍ය පුත්‍රයා බවටත් ආරංචි පැතිරුණි. එම ආරංචිය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා පතල කළේ චමුදිතයි. චමුදිතගේ මෙම ක්‍රියාව නිසා රාජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදීත් උසුළු විසුළු වලට ලක්විය.
මේ හේතුවෙන් ඇමති පුතුට චමුදිත කෙරෙහි යම් කෝපයක් පවතින බවට සැක නැත.
චමුදිතගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු ඇමතිවරයාගේ වෛද්‍ය වෘත්තියේ නියැළෙන මෙකී පුත් ‘සචිත්‍ර අධීෂ වීරසේකර‘ සිය ෆේස් බුක් ගිණුම හරහා අමුතු ප්‍රතිචාරයක් පළ කර ඇත. එහි සඳහන් වන්නේ ‘ගල් වලට සහ අසූචි වලට අපහාස කල අය හෙලා දකිමු…‘ යන වයංගාර්ථ වැකියකි.මෙම පෝස්ටුව දැන් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ.
Gossip