බන්ධනාගාරගත රැඳවියන්ගේ ගැටලු‍ විසඳීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්

බන්ධනාගාරගත කර සිටින රැඳවියන්ගේ ගැටලු‍ විසඳීමට ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව රස පරීක්ෂක, නීතිපති සහ පොලිස් යන දෙපාර්තමේන්තුවල පිරිසක් රක්ෂිත බන්ධනාගාරතව සිටින බවත් රේගුව, පොලීසිය, බන්ධනාගාරය, පුනරුත්ථාපන ඇතුළු අදාළ ආයතන ඒකාබද්ධව ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර පවතින ගැටලු‍ නිරාකරණයට කිරීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අදාළ නිලධාරීන්ට අද (10දා) උපදෙස් දී තිබේ.