වැඩි ඡන්ද 97 කින් අයවැය සම්මත වෙයි

2021 වසර සඳහා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනාවලිය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 97 කින් අද (10දා) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සම්මත විය.අයවැයට පක්ෂව ඡන්ද 151 ක්ද විරුද්ධව ඡන්ද 54 ක්ද ලැබුණු බැවින් අයවැය යෝජනාවලිය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය.