සභාපති පාපන්දු ශූරතාව කොළඹ ක්‍රීඩා සමාජයට

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කළ සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (02 වැනිදා) කොළඹ සුගතදාස ක්‍රීිඩාංගණයේදී පැවැත්විණි. ඒ අනුව අවසන් මහා තරගයේදී බ්ලූ ඊගල් කණ්ඩායම ගෝල 4-0ක් ලෙස පරාජයට පත් කරමින් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් විය.
කොළඹ කණ්ඩායම වෙනුවෙන් අහමඩ් ෂම්සි ගෝල දෙකක් වාර්තා කළ අතර ෆියුනික් මෝමස් සහ රහුමානියා එක් ගෝලය බැගින් වාර්තා කළේය.
තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය බ්ලූ ඊගල් කණ්ඩායමේ කවිඳු ඉෂාන්ට හිමි වූ අතර අවසන් මහා තරගයේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය කොළඹ කණ්ඩායමේ මොහොමඩ් ෆසාල්ට හිමි විය.