මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 3101ට නගී

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 3101 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වනවිට රෝගීන් 2883 දෙනකු පූර්ණු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් රෝගීන් 206 දෙනකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටී.
මීට අමතරව අද දිනයේදී පද්ගලයින් 443ක් නිරෝධායනය අවසන් කර නිවෙස් බලා යෑමට නියමිත අතර විදේශ ගතව සිට පැමැණි පිරිස්ද ඇතුළුව අද වන විට 35780 දෙනකු නිරෝධනය කටයුතු අවසන් කර නිවෙස් බලා ගොස් තිබේ.