අගමැති පුත් රෝහිත රාජපක්ෂ බදුරලියෙන් පළමු පෙළ ක්‍රිකට් අරඹයි

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මෙරට පළමු පෙළ ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට තීරණය කර ඇති අතර ඔහු එළඹෙන පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය සඳහා බදුරලිය ක්‍රිකට් සමාජයෙන් පළමු පෙළ වරම් හිමි කරගැනීමට නියමිත බව වාර්තා වේ.
රෝහිත රාජපක්ෂ ශ්‍රී ලංකා ජාතික රග්බි සංචිතයේ හිටපු ක්‍රීඩකයෙකු වන අතර, කලක් මෙරට ජාතික රග්බි කණ්ඩායම් කිහිපයකම පුහුණුකරු ලෙසත් කටයුතු කර තිබිණ.
එළඹෙන පන්දුවාර 50 ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා රෝහිත රාජපක්ෂ මේවනවිට බදුරලිය කණ්ඩායම සමග පුහුණුවීම් සිදු කරන බව වාර්තා වේ.
ඔහු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ බාල සහෝදරයාද වෙයි.