“අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන’’පළමු සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය ඇරඹෙයි.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ප්‍රථම
වරට සංවිධානය කරනු ලබන ‘’අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන’’ සිව්කොන් ජාත්‍යන්තර
පාපන්දු තරගාවලිය අද (08) දින කොළඹ -7, තුරඟ තරග පිටියේ දී ආරම්භ වේ.

මෙහි සමාරම්භක උත්සවය කොවිඩ් මාර්ගෝපදේශයන්ට යටත්ව මාලදිවයින් ජනාධිපති ගරු
ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මැතිතුමා හා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ
මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්පැවැත්වේ.

මෙම ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය සඳහා බංග්ලාදේශය, සී ෂෙල්ස් රාජ්‍යය, මාලදිවයින හා
ශ්‍රී ලංකාව යන රටවල්සහභාගී වන අතර එම කණ්ඩායම් මේ වන විට මෙරට තරු පන්තියේ
හෝටල්වල ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ නේවාසිකව රැඳී සිටිති.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව තරගාවලිය
නැරඹීම සඳහාප්‍රේක්ෂකාගාරයේ ධාරිතාවෙන් අඩකට අවස්ථාව හිමි වන අතර කොවිඩ්
එන්නත්කරණ කාඩ්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තරග පැවැත්වෙන දිනයන්හි දී ක්‍රීඩාංගණ
දොරටුවෙන් ප්‍රවේශ පත් ලබාගත හැක.

මෙම තරගාවලිය නැරඹීම සඳහා විදේශීය ප්‍රේක්ෂකයින්ට ද අවස්ථාව සලසා දී ඇත. ඔවුන්
සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ගුවන් ටිකට්පත්, නේවාසික පහසුකම් හා තරගාවලි ප්‍රවේශ
පත්‍ ඇතුළත් විශේෂ පැකේජයක් හඳුන්වා දීඇත.ඒ හරහා මේ වනවිටත් විදෙස් පාපන්දුලෝලීන්
දහසකට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යමින් ප්‍රේක්ෂකාගාරය තුළ දේශීය හා විදේශීය ක්‍රීඩාලෝලීන්
හට වෙන් වෙන්ව තරගාවලිය නැරඹීමට අවස්ථාව ලැබෙන පරිදි ස්ථාන වෙන් කර දී ඇත.

තරගාවලියේ පළමු තරගය බංග්ලාදේශය හා සී ෂෙල්ස් රාජ්‍යය අතර අද (08) ප.ව.4.00 සිට
කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වේ. දෙවන තරගය අද රාත්‍රී 9.00ට ශ්‍රී ලංකාව සහ
මාලදිවයින අතර පැවැත්වේ.

ලීග් ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින
කණ්ඩායම් දෙක නොවැම්බර් 19 වනදා තරග වැදීමට නියමිත අතර එම අවසන් මහා
තරගයෙන් අනතුරුව ජයග්‍රාහී කණ්ඩායමට ‘‘අගමැති මහින්ද රාජපක්ෂ කුසලානය’’ සමග
ඇ.ඩොලර් 30,000ක ත්‍යාග මුදලක්ද පිරිනැමේ.

මෙහි සමාප්ති උළෙල ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
පැවැත්වෙන අතර මෙමඅවස්ථාවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි
ඉන්ෆැන්ටිනෝ මහතා (Gianni Infantino)සහභාගීවීමට නියමිතය.