ෆේස්බුක් එකේ දැන්වීම් දමා විවාහක ගැහැණු පිරිමි සමග සම්බන්ධතා පවත්වලා

සිය ෆේස්බුක් ගිණුමේ වරින් වර අසැබි දැන්වීම් පළකර විවාහක කතුන් සහ විවාහක පිරිමින් රැසක් සමග සබඳතා පවත්වා රිමාන්ඞඩ් භාරයේ පසු වූ විධායක නිලධාරියකු දැඩි ඇප කොන්දේසි මත රිමාන්ඩ් භාරයෙන් මුදා හැරීමේ පුවතක් ඊයේ (07 වැනිදා) වාර්තා විය. ඒ අනුව මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී. එස්. එල්. මහවත්ත මහත්මිය විසින් ඊයේ මෙම සැකකරුට ලක්‍ෂ 4 ක ශරීර ඇප නියම කරමින් මුදා හැර තිබේ.
අයාලයේ ගොස් පුද්ගලයන් වරදට පෙළඹවා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ පසු වී ඇප නියම වූ සැකකරු මීගමුවේ ප‍්‍රධාන පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු ලෙස සේවය කරන 45 හැවිරිදි කුලියාපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සමාජ ජාලයේ මුහුණු පොතින් පළ වූ දැන්වීම අනුව එහි සඳහන් කළ දුරකථන අංකයට පොලිසිය විසින් කතා කර ඇත. එහිදී විවාහක යුවළකගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට අවශ්‍ය බව පොලිසිය සැකකරුට දන්වා ඇත. එහිදී අදාළ යුවළට සැකකරු හමුවිය හැකි දිනය වේලාව සහ ස්ථානය පිළිබඳව දැනුම්දී තිබේ. එම දැනුම් දීම අනුව විවාහක යුවළක් ලෙස සැරසුණ පොලිස් නිලධාරියෙකු සහ පොලිස් කොස්තාපල්වරියක් සැකකරු හමුවීමට යවා ඇත. පෙරකළ දැනුම්දීම අනුව සැකකරු මීගමුව කුරණ මීගමුව කොළඹ ප‍්‍රධාන මාර්ගය අසල පිහිටි ප‍්‍රධාන භෝජන ශාලාවක් අසල රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.