ජංගම දුරකතනය මව භාරයට ගත්තැයි සිසුවෙකු දිවි නාසා ගනී

මව විසින් සිය ජංගම දුරකතනය ලබා ගැනීම නිසා සිත් තැවුලට පත් සිසුවකු
ගෙල වැළලාගෙන මිය ගිය පුවතක් යාපනයෙන් වාර්තා වේ. මෙසේ දිවි නසාගෙන ඇත්තේ යාපනයේ සුළිපුරම් පිලවට්ටෙයි ප‍්‍රදේශයේ 14 හැවිරිදි සිසුවෙකි.
වාර්තා වන අන්දමට මෙම අදාළ දරුවා අධ්‍යාපන කටයුතු පසෙකලා ජංගම දුරකතනයෙන් ක‍්‍රීඩා කිරීම ගැන උරණ වූ මව එය උදුරාගෙන ඇය භාරයට ගැනීම නිසා ශිෂ්‍යයා සියදිවි හානි කරගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය වඩුක්කෝඩෙයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.