රවීගේ පෙත්සමට විරෝධතා ගොනු කිරීමට ලබන 14 දක්වා කල් දෙයි

2016 වසරේදී රුපියල් බිලියන 52 කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු හත් දෙනකු විසින් ගොනුකර තිබෙන පෙත්සම් අද (04) නැවතත් අභියාචනාධිකරණය සභාපති විනිසුරු ඒගඑච්ගඑම්ගඩීග නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. ඒ අනුව එහිදී රවි කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝග නිකුත් කළ පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් මේ මස 14 වනදා දක්වා නීතිපතිවරයාට කල් ලබා දී තිබේ.