ක්‍රිකට් නිලවරණයේ වගකීම ත්‍රිපුද්ගල කමිටුවකට

පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් පත් කර තිබේ. ඊයේ රැස් වූ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතන අති විශේෂ මහා සභා රැස්වීමේදී, කි‍්‍රඩා පනතේ නීති සහ රෙගුලාසිවලට අනුකූලව මෙම නිලවරණ කමිටුව පත්කර ඇති බවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.
පත්කළ කමිටුවට අභියාචනාධිකරණ විනිසුරුවරියක වන මලනි ගුණරත්න, මහාධිකරණ විනිසුරුවරියක් වන ශිරෝමි පෙරේරා සහ අමාත්‍යාංශ කිහිපයක ප‍්‍රධාන ලේකම්වරයෙකු ලෙස කටයුත කළ ආචාර්ය එම්.ආර් දිසානායක ඇතුළත් වේ.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතන සාමාජිකත්වය විසින් ඒකමතිකව මෙම පත් කර ගැනීම සිදු කළ අතර, තේරී පත් වූ මෙම කමිටුවට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමේ වගකීම පැවරෙනු ඇත.