සහරා ෆ්ලෑෂ් ගුටි කයි

නිවිතිගල පොදු ක්‍රිඩාංගනයේ සහරා ෆ්ලෑස් සංගීත කන්ඩායම පැවැත්වූ එලිමහන් ප්‍රසංගයක් අවසානයේ ගුටි කෙලියක් හා දේපළ අලාබයක් සිදුව ඇතැයි වාර්තා විය.
මෙයට හේතුවී ඇත්තේ රාත්‍රි 11.30 ට පමණ ප්‍රසංගය හමාර කිරීමට තීරණය කිරීමයි.

තමන් ආවේ දැන් බවත් දැන්ම ඉවර කිරීම තම ප්‍රවේශ පතට කරන අසාධාරණයක් බව කියමින් පිරිසක් කලබල කළ අතර එය ගුටි කෙළියක් බවට පත්ව තිබේ.

සංගිත කණඩායමේ භාණ්ඩ වලට අලාභ හානි සිදු කළ කැරළිකාරයින් නර්තන කණ්ඩායමේ නැටුම් ශිල්පිණියන්ගේ ඇදුම් බෑග් කිපයක් ද සොරාගෙන ගොස් ඇති අතර වේදිකාවේ ආලෝක උපකරණ හා විද්‍යුත් උපාංග කඩා බිඳ දමා ඇත.පහරදිමෙන් පසු ක්‍රිඩා පිටිය වට කර තිබූ ටකරන් සහ යකඩ බට ද ගලවාගෙන ගොස් ඇති අතර සිදුවූ අලාබය රුපියල් ලක්ෂ 14ක් පමණ වූ බව සංවිධායකයින් ඇස්තමේන්තු කර ඇත.

මුදල් ගෙවා අවසන් මොහොත වනතුරු ටිකට් පත් අලෙවි කළ මෙම ප්‍රසංගයට අතිවිශාල පිරිසක් එක්ව සිටි අතර පිරිස තවත් පැය දෙක තුනක් විනෝද වීමට අපේක්ෂා කළ බව කියැවේ. නමුත් රාත්‍රි 11.30 ට පමණ සංගීත ප්‍රසංගය නිමා කිරිම ගැන කෝපයට පත් පිරිස පහරදීම සිදු කර ඇත. නිවිතිගල පොලිසිය පරීක්ෂණ සිදු කරයි.