Tuesday, April 23, 2024
Home Headlines කිඹුලාගේ සය වසරක් සිරවුණු ටයරය ඉවත් කරලා

කිඹුලාගේ සය වසරක් සිරවුණු ටයරය ඉවත් කරලා

Residents removes the leash of a wild crocodile after removing a used tire that snared it around his neck in Palu, Central Sulawesi Province, Indonesia on February 7, 2022. (Photo by Basri Marzuki/NurPhoto via Getty Images)
සය වසරක් තිස්සේ යතුරු පැදි ටයරයක් බෙල්ලේ සිරවුණු කිඹුලෙකු අල්ලා ගෙන එම ටයරය කපා ඉවත් කර එයින් නිදහස් කිරීමට ඉන්දුනීසියානු ධීවරයෙක් පියවර ගෙන ඇත.

ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ පලු නගරය ආසන්නයේ මෙම කිඹුලා ජීවත් වන බව පැවැසෙයි. කිඹුලා දිගින් මීටර් 4ක් පමණ වේ.

කිඹුලා වැඩෙන විට මෙම ‘රබර් ටයර් මාලය’ තව තවත් උගේ බෙල්ලේ සිරවන්න වූ බවත්, කිඹුලාට හුස්ම ගැනීම පවා අසීරු කළ බවත් ප්‍රදේශවාසීහු පෙන්වා ඇත.

කිඹුලාගේ බෙල්ලේ ටයරය ඇති බව පළමුවෙන් ම දකින්න ලැබී ඇත්තේ 2016 දීය.

ඉන් අනතුරුව දෙවතාවක් උගුලකට අසුකර ගෙන ටයරය ඉවත් කිරීමට උත්සහ දැරුවත් එය අසාර්ථක වී ඇතැයි ද පැවැසෙයි.

පසුගිය 7 වැනිදා 35 වියැති ටිලී නමැති ධීවර තරුණයා සාර්ථකව මෙම කිඹුලා උගුලකට අසුකරගෙන ඇත. අනතුරුව ටිලී ගිනි නිවන භටයන් සහ ප්‍රදේශවාසීන් කණඩායමකගේ උදව්වෙන් කිඹුලාගේ බෙල්ලේ සිරවී තිබූ යතුරු පැදි ටයරයෙන් කිඹුලා නිදහස් කර ඇත.

ලයිව් සයන්ස් ඇසුරෙන්