ඉදිරි පැය 24දී මුහුද රළු වීමක්

පුත්තලම සිට කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉදිරි පැය 24 තුළ පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකි යැයි කාල ග-ණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී. ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීම්දී මේ පිළිබඳ විමසිළිමත්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.